රජයේ සේවක වැටුප් වියදම 4%කින් අඩු වෙයි

2022 වර්ෂය තුළදී විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව වැඩිවීම, අනිවාර්ය විශ්‍රාම යාමේ වයස අවු. 60 දක්වා රජය විසින් සංශෝධනය කිරීම රාජ්‍ය අංශයට බඳවා ගැනීම අත්හිටුවීම වැනි හේතූන් මත මෙරට පළාත් සභා ඇතුළු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා වේතන ගෙවීම සඳහා 2023 ජනවාරි මස 01වැනිදා සිට අප්‍රේල් 30වැනිදා දක්වා කාල සීමාව තුළදී රජය මගින් දරනු ලැබූ වියදම 4%කින් පමණ අඩු වී ඇති බව වාර්තා වෙයි. මේ බව අනාවරණය වනුයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා නිකුත් කර ඇති වාර්තාවකිනි.මෙම වර්ෂයේ මුල් මාස 04ක කාලය තුළදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා වේතන ගෙවීම සඳහා රුපියල් බිලියන 303.3ක මුදලක් වැය වී තිබිණි.එහෙත් 2022 වර්ෂයේ ජනවාරි සිට අප්‍රේල් අතර කාලසීමාව තුළ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා වේතන ගෙවීම සඳහා රුපියල් බිලියන 316.1ක මුදලක් වැයකර තිබූ බව ද එම වාර්තාවේ සඳහන් ය.

කාලීන පුවත්