ලෝකය පුරා උද්ගතව ඇති තත්ත්වය හමුවේ ඉදිරියේදී කුමන ආකාරයේ භාණ්ඩ හිඟයක් ඇතිවේ දැයි තමන්ට කිව නොහැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (22) කොළඹ පැවති වැඩසටහනකින් පසු මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලෙසිනි.”චීනය කියන ලෝකයේ විශාලතම දවස් පහක් වැඩ කරන රටේ එක් දවසක් නම්, විවෘත කරලා තියෙන්නෙ එතකොට භාණ්ඩ හිඟයක් ඇති වෙනවා ලෝකෙ, අපිටත් විවිධ අමුද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ආනයනය කරන්නේ, චීනයෙන්. අපිට අමුද්‍රව්‍යවල හිඟයක් ඇති වුණොත් සමහර කර්මාන්ත පවත්වා ගෙන යන්න බැරි වෙනවා”මෙය ලෝකයේ පවතින අලුත් ම අභියෝගය බව ද අමාත්‍යවරයා පැවසී ය.
”කවුරුහරි කියනවා නම්, මෙන්න මේකයි ලෝකෙ ඛනිජ තෙල් වැඩි වෙන එක ,ලංකාව පාලනය කරන්නෙ මෙහෙමයි, ලෝකයේ ගෑස් මිල 130 %කින් වැඩි වෙලා තියෙනවා. ඒක අඩු කරන්නෙ මෙහෙමයි කියලා ක්‍රමවේදයක් කවුරුහරි දන්න කෙනෙක් ඉන්නව නම් එයාට මාව හම්බුවෙන්න කියන්න”ඇමති වරයා මාධ්‍යවේදීන්ට එසේ කීය.