චීනය මහජන බැංකුව බ්ලැක් ලිස්ට් කරයි.

 

මහජන බැංකුව බ්ලැක් ලිස්ට් හෙවත් අසාදු ලේඛනගත කර ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය දන්වා තිබේ.මෑතකදී මහජන බැංකු විසින් ණය පැහැර හැරීමේ ලිපියක් නිකුත් කර ඇති බවත් එමගින් ජාත්‍යන්තර වෙළදාමේ දී චීන සමාගම් වලට විශාල පාඩුවක් සිදුව ඇති බව වාර්තාවේ සඳහන් වෙයි.ශ්‍රී ලංකාව සමඟ වෙළඳාමේ දී මහජන බැංකුව විසින් නිකුත් කරන ණයවර ලිපි භාර ගැනීමෙන් වළකින ලෙස ද අවදානම් වෙළදාම් වලින් ඉවත් වන ලෙසත් අරමුදල් සපයන සියලුම ව්‍යවසායකයන්ගේ ඉල්ලා ඇත.නමුදු කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මීට පෙර කියා සිටියේ එය චීන පොහොර සමාගමක ප්‍රකාශයක් බැවින් ගණන් ගත යුතු ප්‍රකාශයක් නොවන බවය.

කාලීන පුවත්