වැඩ බලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා අද(22) සිට ආරම්භ කරන කොළඹ නගරයේ ස්ථාන 33 ක් ඉලක්ක කරමින් රථ වාහන වැරදි කරන රියදුරන් සීසීටීවී කැමරා ඔස්සේ හඳුනාගෙන ප්රදේශයේ පොලිස් ස්ථානය හරහා නිවසටම දඩ පත්රිකා යැවීමේ වැඩපිළිවෙළට සිය විරෝධය පළ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්රකාශ කරයි.එම වැඩපිළිවෙළ සඳහා බස් රථ නියාමනය කරන්නේ නම් අනිවාර්යෙන්ම බස් ප්රමුඛතා මංතීරු නීතිය ක්රියාත්මක කළ යුතු බවත් ත්රි රෝද රථ ඇතුලු වෙනත් වාහන බස් මංතිරුවේ ගමන් කිරීම හේතුවෙන් සිදු වන මාර්ග අවහිරතා නිසා විධිමත් මගී සේවාවක් වශයෙන් බස් රථ ධාවනය රියැදුරන්ට ගැටලුවක් වී ඇතැයිද ඔහු සඳහන් කරයි.