ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන පොහොට්ටුවේ මත ගැටුමක්

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ මත ගැටුමක් ආරම්භ වී තිබේ.ඒ අතර පොදු පෙරමුණු නායකයන් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡා සිදුවෙමින් පවතින අතර ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉදිරි සති දෙක ඇතුළත අනිවාර්යෙන්ම ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.කෙසේ නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ණය ගෙවිය හැකි හා රට හැදිය හැකි නායකයකු ගැන පක්ෂයේ අවධානය යොමුව ඇති බව පවසා ඇති අතර ඒ ණය ගෙවන ආකාරය හෝ කාල සීමාව පිළිබඳව සඳහන් කොට නැත.ඒ අනුව ඔහු ගේ එම ඉඟිය ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සම්බන්ධයෙන් බව ඇතැමෙක් කියති.මේ අතර තවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායමක් තවමත් මේ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව ද පැවසෙයි.

කාලීන පුවත්