අපේ ගෙවල් ගිනි තැබීම සාධාරණය කරන නාමල් ලා සමඟ දේශපාලනය කරනවාට වඩා මේ ගත් මඟ හොඳයි

මීට වසර දෙකකට පෙර අරගලකරුවන් තමන්ගේ නිවාස ගිනි තැබීම සාධාරණීකරණය කරන නාමල් රාජපක්ෂ වැන්නවුන් සමග දේශපාලනය කරනවාට වඩා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ බොහෝ පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තෝරා ගත් මඟ හොඳ බව එම පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.ඒ මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදීය. 2005 ජනාධිපතිවරණයේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති ධුර අපේක්ෂකත්වය නොදී සිටීමට කටයුතු කළ අවස්ථාවේ එතුමාට ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබාදිය යුතු බවට මුලින්ම යෝජනා කළේ තමන් බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා නොදන්නා බවත්එතැන් සිට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති සෑම මැතිවරණයකදීම තමන් කැපවීමෙන් උදව් කර ජයග්‍රහණය කිරීමට කටයුතු කළ බවත් චන්ද්‍රසේන මහතා කීය.

කාලීන පුවත්