කොරෝනා ඔමික්‍රෝන් ප‍්‍රභේදය අපේ රටටත් ඇවිත් ඇති

අප්‍රිකානු කලාපයේ රටවල් කිහිපයකින් මේ වන විට හඳුනා ගෙන තිබෙන කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප‍්‍රභේදය ශ්‍රී ලංකාව තුළ දැනටමත් තිබිය හැකි බව සෞඛ්‍ය වෘත්තිකයන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පෙන්වා දෙයි.සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමෙන් තොර ක්‍රියාකලාපයන් නිසා කොරෝනා පරීක්ෂණ, ප්‍රභේද පරීක්ෂණ, නියැදි පරීක්ෂණ නිසි අයුරින් සිදු නොකිරීම මත ඔමික්‍රෝන් ප‍්‍රභේදය ශ්‍රී ලංකාව තුළ වර්ධය වීමේ අවදානමක් පැන නැඟී ඇති බව ද ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම බාහිර අවශ්‍යතා වෙනුවෙන් කලින් කලට නීති රීති වෙනස් කිරීම නිසා දැනටමත් රට තුළට මෙම ප්‍රභේදය ඇතුළු වී තිබිය කැකි බවත් ඔහු කියා සිටියේ ය.
විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට ඇතුළුවන්නවුන් සම්බන්ධ කොරෝනා පරීක්ෂණ සිදු නොකිරීමත් කොරෝනා හඳුනා ගැනෙන ප්‍රභේද පරීක්ෂණ නිසි අයුරින් සිදු වීමත් හේතුවෙන් ඉදිරියේදී එම ප්‍රභේදය රට තුළ ක්‍රමානුකූලව වර්ධනය විය හැකි බවත් නව ප්‍රභේදය රට තුළ ඇති දැයි හඳුනා ගත හැක්කේ එය රැල්ලක් සේ වර්ධනය වී පාලනය කර ගත නොහැකි අයුරින් ආසාදිතයන් වාර්තා වූ පසු බව ද ඔහු සභාපති රවි කුමුදේශ් මහතා පෙන්වා දෙයි.

කාලීන පුවත්