සජිත් වෙතට යොමු වුණේ ගෝඨා හරි මඟ නොගිය හින්දයි

තමන් 2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළකිරීමට එක් වුයේ රට වෙනුවෙන් ඔහු විසින් සුවිශේෂී මෙහෙවරක් කරනු ඇති බවට හැට නව ලක්ෂයක් තුළ වූ අවංක බලපොරොත්තුව තමන් තුළ ද තිබීම හේතුවෙන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් මහතා පවසයි.නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා එම අරමුණෙන් බැහැරව කටයුතු කරන බව දැනගත් වහාම එම දේශපාලන කඳවුරෙන් ඉවත් වූ බවත් රටේ සුබ සිද්ධිය උදෙසා ක්‍රියාකාරී මෙහෙවරක යෙදෙන සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජනබලවේගයට සහය පළකිරීම සඳහා පසුගියදා එක් වූ බවත් ඔහු කියයි. තිලකරත්න ඩිල්ෂාන් මහතා ඒ බව ප්‍රකාශ කළේ සිය තීරණය සම්බන්ධයෙන් අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවක දී ය.

කාලීන පුවත්