තිරිඟු පිටි ඇතුළුව අනෙකුත් යෙදවුම්වල මිල ගණන් ඉහළ යාම හේතුවෙන්, ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල අවම වශයෙන් රුපියල් 100 ක් වත් විය යුතු බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති, එන්.කේ.ජයවර්ධන මහතා සඳහන් කරයි.ප්‍රථම වරට තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 18.50කින් ඉහළ ගොස් ඇති බවත් මීට පෙර අවස්ථා කිහිපයකදීම සමාගම් විසින් පිටි මිල ඉහළ දැමූ බවත් පැවසූ ඔහු පාන් නිෂ්පාදනය සදහා භාවිතා කරන ජලය හැර අනෙක් සෑම යෙදවුමකම මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යාම මත මෙම තීරණයට එළැඹීම හැරුණු කොට අන් විකල්පයක් තම සංගමයට නොමැති බව ද කීය.