වඳුරු උණ ආසියානු රටකින් පළමු වරට හමුවෙයි

අප්‍රිකා කලාපීය රටවලින් පළමු වරට හඳුනා ගත්, ඉතා වේගයෙන් ව්‍යාප්තවීමේ හැකියාවක් ද ඇති, ‘එම් පොක්ස්’ හෙවත් ‘වඳුරු උණ’ වයිරසයේ නව ප්‍රභේදය, තායිලන්තයට ව්‍යාප්ත වී ඇත.

ඒ අනුව, ‘එම් පොක්ස් ක්ලේඩ් 1බී’ නමැති එම වයිරස ප්‍රභේදය අප්‍රිකාවෙන් පිට, ආසියානු රටකින් හමුවුණු පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙයි.

2022 වසරේ සිට මේ දක්වා තායිලන්තයෙන් වාර්තා වුණු ‘එම් පොක්ස්’ ආසාදිතයන් ගණන 800 කි.

කාලීන පුවත්