වන අලි ගම් වැදීම පාලනයට නව පියවරක්

වන අලි ගම් වැදීම පාලනය කිරීම සදහා මුරපොළ යෙදීම අනුරාධපුර මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් ආරම්භ කර තිබේ.

රජයේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්මේන්තුවේ සහය මත එම කොට්ඨාසය තුළ මුර කුටි 12ක් ඉදිකිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ එම ඉදිකිරීම් අවසන් වූ පසු දෛනිකව සිවිල් ආරක්ෂක සෙබලුන් මුර කුටිවලට යොදවා වන අලි ගම් වැදීම පාලනය කිරීමට නියමිත බවය.

මෙම වැඩසටහන සාර්ථක වුවහොත් ඉදිරි වසර තුළ අනෙක් දිස්ත්‍රික්ක වලද එය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

කාලීන පුවත්