GMOA අර්බුදකාරී ලෙස වෛද්‍ය වරු 11 කගේ සාමාජිකත්වය අත්හිටුවයි

වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර, වෛද්‍ය චමල් සංජීව, වෛද්‍ය දිලංක තිලකරත්න, වෛද්‍ය තරින්ද වීරසිංහ ඇතුළු වෛද්‍යවරුන් 11 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ(GMOA) සාමාජිකත්වයෙන් ඉවත් කොට ඇත.

දැනට අධිකරණය මඟින් බලය භාවිතා කිරීම අත්හිටුවා ඇති එම සංගමයේ වර්තමාන නිලධාරී මණ්ඩලයට විරුද්ධව ක්‍රියා කිරීම සහ ඔවුන්ට එරෙහිව ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කිරීම ඊට හේතුව යැයි කියනු ලැබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව විසින් සාමාජිකත්වයෙන් ඉවත් කළ මෙම වෛද්‍යවරුන් අතර රෝහල් පද්ධතිය තුළ සිටින වෛද්‍ය අධිකාරීවරුන් සහ අධ්‍යක්ෂවරුන් ද සිටිති.

දැනට අභියාචනාධිකරණයේ විභාග වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව අභියෝගයට ලක්කර ඇති සහ මොරටුව දිසා අධිකරණය විසින් එම නිලධාරී මණ්ඩලයේ බලය බල රහිත කර ඇති පසුබිමක් තුළ මෙම ඉවත් කිරීම සිදු කිරීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභා බලය අවභාවිතා කිරීමක් බව පැවසෙයි.

එම වෛද්‍යවරුන් එකොළොස් දෙනාගේ සංගම් සාමාජිකත්වය තහනම් කළ බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු ලේකම්වරයා වන වෛද්‍ය සෙනෙල් ප්‍රනාන්දු විසින් බවට ඔවුන්ට මේ වන විට ලිඛිත දැනුම් දී ඇත.

කාලීන පුවත්