දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් හිමියන් මුහුණ දී සිටින ගැටලු රැසකට බලධාරීන් විසින් මෙතෙක් විසඳුම් ලබා නොදීම හේතුවෙන්, හෙට (30) පැවැත්වීමට නියමිත දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය පළ කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය නිවේදනය කර තිබේ.ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (ළෛOC), සයිනොපෙක් (Sඉනොපෙc) සහ ර්M ඵර්ක්ස් යන ආයතන යටතේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවල නිරත පිරවුම්හල් හිමියන් මේ වන විට සිය ව්‍යාපාර පවත්වාගෙන යෑමේදී බරපතළ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බව එම සංගමය පෙන්වා දෙයි.එම සංගමය නිකුත් කළ නිවේදනයකට අනුව, ඉන්ධන බෙදාහැරීමේ සමාගම් දෙකක් විසින් 2025 වසරේ සිට බෙදුම්කරුවන්ට ලබාදෙන වට්ටම් අඩු කිරීම හේතුවෙන් පිරවුම්හල් පවත්වාගෙන යෑමේ වියදම් පියවා ගැනීම දුෂ්කර වී තිබේ. එමෙන්ම වැට් බදු අයකිරීමේදී නීතිවිරෝධී ක්‍රියා සිදුවන බවට චෝදනා කිරීම, පෞද්ගලික අංශයට අයත් ඉන්ධන පිරවුම්හල් සඳහා ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් නොලැබීම සහ ඉන්ධන බෙදාහැරීම විධිමත් ලෙස නියාමනය කිරීමේ ක්‍රමවේදයක් නොමැති වීම ද ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු අතර වේ.බලධාරීන් මෙම ගැටලු සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම මෙන්ම ඒවා විසඳා ගැනීම සඳහා සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා නොදීම පිළිබඳව ද සංගමය සිය අප්‍රසාදය පළ කර ඇත.මේ අතර, හෙට පැවැත්වීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය දක්වන ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවල ඉන්ධන බෙදුම්කරුවන්ගෙන් සහ පිරවුම්හල් සේවකයන්ගෙන් ඉල්ලීම් ලැබී ඇති බව ද සංගමය සඳහන් කරයි.එම ක්‍රියාමාර්ගයට සහාය දැක්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර තීරණය කිරීම සඳහා අද (29) පෙරවරු 9.00ට කොළඹදී විශේෂ රැස්වීමක් පැවැත්වීමට ද නියමිතය. සංගමයේ විධායක කමිටු සාමාජිකයන්, පළාත් සංගම් නිලධාරීන් සහ ප්‍රාදේශීය නියෝජිතයන් ඊට සහභාගි වීමට නියමිත බව වාර්තා වේ.ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා පවසා ඇත්තේ අදාළ බලධාරීන්ගේ නිසි මැදිහත්වීමක් නොමැති වීම නිසා ඉන්ධන බෙදාහැරීමේ ක්ෂේත්රය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවයි.කෙසේ වෙතත්, ඉන්ධන පිරවුම්හල් හෙට දිනයේ වසා තැබෙන්නේ ද යන්න හෝ ඉන්ධන බෙදාහැරීම මුළුමනින්ම නතර කරන්නේ ද යන්න පිළිබඳ නිශ්චිත තීරණයක් මෙම නිවේදනයෙන් ප්‍රකාශ වී නොමැත. ඒ සම්බන්ධයෙන් අද පැවැත්වෙන රැස්වීමේදී තීරණයක් ගැනීමට නියමිතය.