කතරගම දෙවියන්ගේ රන් තැටියට විද්දේ කපුවෙක්මද? විමර්ශන තවදුරටත්

නමගිය සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කාගේ බිරිඳ තම පුතුගේ අපල දුරුවීම සදහා යැයි කියමින් කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 36 ක රන් තැටිය අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධ සැකය ඒ සම්බන්ධයෙන් කරන ලද මූලික විමර්ශන වලදී එම දේවාලයේ කපු පාර්ශවය වෙත එල්ල වී තිබේ. පසුගිය වසරේ ඔක්තෝම්බර් 26 වනදා එම රන් තැටිය අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමෙන් පසු එන් එම් ජී අජිත් පුෂ්පකුමාර නමැති අයෙකු කපු මහතකුගේ නිවසේ පරිස්සමට තබා තිබූ බව කියමින් රන් තැටියක් ගෙනැවිත් කතරගම දේවාලයේ පරිපාලන ලේකම්වරයා වෙත භාරදී තිබිණ..එහෙත්, දේවාලය වෙත භාරදී ඇත්තේ අංගොඩ ලොක්කාගේ බිරිඳ කතරගම දේවාලයට පූජා කළ රන් තැටිය ද? නැතහොත් ව්‍යාජ එකක්ද යන්න සොයා බැලීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති අතර එම වර්තාව මෙතෙක් ලබාදී නැතැයි පැවසෙයි.මේ සම්බන්ධයෙන් අංගොඩ ලොක්කාගේ බිරිඳගෙන් මෙන්ම දේවාලයේ මහතුන් හතර දෙනෙකුගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය මේ වන විට ප්‍රකාශ ලබාගෙන තිබේ.වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් සිදු කරනු ලැබේ.

කාලීන පුවත්