දැනට දිනකට ශ්‍රී ලංකාවට පැමිණෙන දෙසිය පනහක් පමණ වන විදේශ සංචාරකයන් ගේ සංඛ්‍යාව දහස තෙක් ඉහළ නංවා ගැනීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියයි.
දැනට විදේශ සංචාරකයන් දහසක් දිවයිනට ගෙන්වා ගැනීම එහි අරමුණයි. දැනට දෛනිකව පැමිණෙන විදේශ සංචාරකයන් බහුතරය පිරිස අමෙරිකාව, රුසියාව සහ කැනඩාව යන රටවලින් පැමිණෙන බවත් නිරෝධායන රෙගුලාසිවලට අනුව ඔවුන්ට මෙරට සංචාරය කිරීමට අවස්ථාව ලබාදී ඇතැයි අමාත්‍යවරයා කීවේය.