ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැඟිල්ලට සොඳුරු ලේසර් “ප්‍රහාරයක්”

ගාලු මුවදොර ගෝටා ගෝ ගමෙහි විරෝධතාකරුවන් විසින් ඊයේ(17) රාත්‍රී ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැඟිල්ලට”ගෝටා ගෝ හෝම්”තේමාව යටතේ ලේසර් ආලෝකමය බලපෑමක් එල්ල කරන ලදී.ඇතැමුන් ලේසර් ප්‍රහාරයක් ලෙස හඳුන්වා දී ඇති එය ලංකාවේ ප්‍රථම වරට විරෝධතාවයක දී භාවිතා කළ අවිහිංසාව පදනම් කරගත් සොඳුරු විරෝධතාවය සේ සැළකෙයි.

එනම් ජනාධිපති ලේකම් කාර්යාලය සටන් පාඨ සහිත ලේසර් ආලෝක කිරණ වලින් අලෝකමත් කිරීමයි. මඳ වේලාවකට පසු ආරක්ෂක අංශ පැමිණ ප්‍රොජෙක්ටරය ඉදිරියෙන් විශාල බෝඩ් එකක් අල්ලා එය අවහිර කොට ඇත.නමුදු මෙම ලේසර් ආලෝකමය බලපෑම මඟින් එල්.ටී.ටී ඊ ලාංඡනය,අසභ්‍ය රූප ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැඟිල්ල මත මවා පෑ බව හැඟවෙන ව්‍යාජ පරිගණක රූ රටා වේගවත් අයුරින් සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමට ආණ්ඩුවේ පාර්ශව කටයුතු කරමින් හිඳින බව එම විරෝධතා කරුවෝ පවසති. මෙහි දැක්වෙන්නේ එම අවස්ථාවේ තිලිණ කළුතොටගේ ලබා ගත් සේයාරූ කිහිපයකි.

එතෙර - මෙතෙර