තීරණාත්මක ඩිජිටල් පද්ධති සහිත තෝරාගත් රාජ්‍ය ආයතන 12ක් මේ වන විට ජාතික සයිබර් ආරක්ෂණ පද්ධතියට එක් කර ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරත්න පවසයි.
ඔහු සඳහන් කළේ, ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත රාජ්‍ය ආයතන 37ක් සම්බන්ධ කිරීමේ වැඩපිළිවෙළ යටතේ එය ක්‍රියාත්මක බවයි.
පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මගින් එම මෙහෙයුම් මධ්‍යස්ථානය පවත්වාගෙන යන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.