ශෂී වීරවංශගේ සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහවුරු කරයි

අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකාරිය කරමින් ශෂී වීරවංශ මහත්මියට නියම කර තිබූ වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) තහවුරු කළේය.හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබූ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ විවෘත අධිකරණයේ පෙනී සිටි ශෂී වීරවංශ මහත්මිය වහාම රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද විනිසුරු මඩුල්ල නියෝග කළේය. අදාළ සිර දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කර තිබේ.මෙම නඩුවට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් 2022 මැයි 27 වැනිදා ශෂී වීරවංශ මහත්මිය වරදකාරිය කරමින් වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබිණි.එම තීන්දුවට එරෙහිව ඇය ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය විසින් 2026 ජුනි 11 වැනිදා ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුව තහවුරු කර තිබිණි.ඉන් අනතුරුව ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර, එය සලකා බැලීමෙන් පසු අද එම අභියාචනය ද ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.ඒ අනුව පහළ අධිකරණ දෙකෙන්ම තහවුරු වූ ඇයට නියම කළ සිර දඬුවම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

කාලීන පුවත්