දවසකට වැඩි කාලයක් කානුවක සිරවී සිටි සුනඛයකු මහනුවර ගිනි නිවන නිලධාරීහු බේරා ගනිති

 

මහනුවර, කටුකැලේ චැනල් සෙන්ටර් ගොඩනැගිල්ල ආසන්නයේ පිහිටි ගොඩනැගිල්ලක අභ්‍යන්තරයෙන් දිවෙන පටු කානුවක දවසකට වැඩි කාලයක් සිරවී සිටි සුනඛයකු මහත් පරිශ්‍රමයක් දරා බේරා ගැනීමට මහනුවර මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීහු සමත් වූහ.පසුගිය 16 වැනිදා සිදු කළ මෙම මුදාගැනීමේ මෙහෙයුමේදී කානුව තුළ සිරවී සිටි සුනඛයා වෙත ළඟා වීම සඳහා ගොඩනැගිල්ලේ කොටසකට හානි කිරීමට ද සිදු විය.එහිදී සිදු වන හානිය නොසලකා සුනඛයාගේ ජීවිතය බේරා ගැනීමේ මෙහෙයුම සඳහා අවශ්‍ය ඉඩකඩ ලබා දීමට ගොඩනැගිල්ලේ හිමිකරු ද සහයෝගය දැක්වීම විශේෂත්වයකි.මුදාගැනීමෙන් අනතුරුව සුනඛයා වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය පශු වෛද්‍ය ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර තිබේ.

 

 

කාලීන පුවත්