“ජනතාව කියන දෙයක් කරනවා”දිවුරුම් පෙත්සම ගැන රන්ජන් කියයි

රන්ජන් රාමනායක මහතා වෙත පොදු සමාව ලබා ගැනීමට නම් ඔහු අතින් සිදුව තිබෙන වරදට කණගාටුව ප්‍රකාශ කරමින් දිවුරුම් පෙත්සමක් ලබා දීමට සිදුවන බවට පසුගියදා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණු ප්‍රකාශයට පිළිතුරු වශයෙන් ”ඉදිරියේ දී ඒ ගැන බලමු ජනතාව කියන දෙයක් කරනවා”යනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රතිචාර දක්වා තිබේ..ඒ, නීති විරෝධී ලෙස ගිනි අවියක් ළඟ තබා ගැනීම සහ හඬ පට නඩුවකට අදාළ නඩු විභාගයක් සඳහා දැනට සිර දඬුවම් ලබා සිටින රන්ජන් රාමනායක මහතා අද (12) නුගේගොඩ ගංගොඩවිල අධිකරණය හමුවට රැගෙන ඒමෙන් පසු අධිකරණ භූමියෙන් ඉවත්ව යමින් සිටියදී මාධ්‍යවේදීන් ඔහුගෙන් ඒ ගැන විමසා සිටි අවස්ථාවේ ය.

කාලීන පුවත්