හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තායිලන්තයේ දැනට නැවතී සිටින හෝටලයෙන් පිටව නොයන ලෙස බැංකොක් පොලිසිය උපදෙස් දී ඇතැයි බැංකොක් පෝස්ට් පුවත්පත වාර්තා කරයි.නමුදු ඒ මහතා රැඳී සිටින හෝටලය කුමක්ද? යන්න වාර්තා කොට නැත.ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස පැමිණි වෙන් කරවා ගත් ගුවන් යානය තායිලන්තයේ ෆුකෙට් වෙත ගොඩ බැසීමට සැලසුම් කර තිබුණත් ආරක්ෂා හේතුන් මත ගුවන් යානය මුවාන්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත යොමු කර ඇතැයි බැංකොක් පොස්ට් පුවත් පත සඳහන් කොට තිබේ.රාජපක්ෂ මහතා මුවාන්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණීමෙන් අනතුරුව තායිලන්ත ආරක්ෂක අංශ විසින් බැංකොක් නගරයේ ස්ථානය හෙළි නොකළ හෝටලයකට රැගෙන ගොස් ඇතැයි බැංකොක් පෝස්ට් පුවත්පත වාර්තා කොට ඇති අතර රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස සිවිල් ඇඳුමෙන් සැරසුණු තායිලන්ත ආරක්ෂක අංශ නිලධාරීන් එම හෝටලයේ සේවයට යොදවා ඇතැයි ද එම පුවත්පත වාර්තා කරයි.ශ්‍රී ලංකාවෙන් කෙරුණු ඉල්ලීමක් මානුෂීය වශයෙන් සලකා බලා ගෝඨාභය රාජපක්ෂ මහතාට දින අනූවක් එහි රැඳී සිටීමට තායිලන්ත රජය අවසර දී ඇතත් ඒ කාලය තුළ ඔහුට කිසිදු දේශපාලනමය හෝ සමාජමය කටයුත්තක නොයෙදෙන ලෙස ද තායිලන්ත රජය උපදෙස් දී තිබේ.එහෙත්, ඔහුගේ මෙම රට හැර යාම පලා යාමක් නොවන බවත් එය ඔහු වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සිංගප්පූරුව බලා යාමක් පමණක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා දිවයින පුවත් පතට පවසා තිබිණ.