රන්ජන් නිදහස් වී එළියට එයි

ජනාධිපති සමාව යටතේ නිදහස හිමිවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මීට සුළු මොහොතකට පෙර වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණියේය.

රන්ජන් රාමනායක මහතා මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකර තිබෙන දිවුරුම් ප්‍රකාශය තුළින් එම ප්‍රකාශය පිළිබඳව තමන් අධිකරණයෙන් සමාව අයද සිටින බව සඳහන් කර තිබේ.

ඉදිරි අනාගතයේදී ද තමා විනිසුරුවරුන්ට හා අධිකරණයට අපහාසාත්මක ප්‍රකාශ සිදුකිරීමෙන් වළකින බවත් ඔහු එම දිවුරුම ප්‍රකාශයෙන් අධිකරණය වෙත පොරොන්දුවක් ලබාදී ඇත.

අගවිනිසුරුවරයා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලය අමතා මෙම දිවුරුම් ප්‍රකාශය යොමුකර තිබේ.

කාලීන පුවත්