තිරිඟු පිටි ඇතුළු බේකරි හිමියන්හට පාන් නිෂ්පාදනයට අදාල කිසිදු පහසුකමක් සැලසීමට රජය අපොහොසත් වීම නිසා අද(03) සිට ග්‍රෑම් 450ක බරින් යුත් පාන් රාත්තලක් රුපියල් 300ක මිලකට අලෙවි කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර සිටියි.ප්‍රධාන වශයෙන් තිරිඟු පිටි ආනයන සමාගම් මිල ඉහළ දැමීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවූ බව ඔවුහු සඳහන් කරති.මීට පෙර පාන් රාත්තලක් අලෙවි කෙරුනේ රු.180 කටය.