යල කන්නයේ යූරියා බෙදා අවසන් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ 2022 යල කන්නය සඳහා මෙරටට ගෙන්වන ලද යූරියා පොහොර බෙදාහැරීම් කටයුතු මේ වනවිට සාර්ථකව අවසන් ව ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.ඒ අනුව හෙක්ටෙයාර් 304,734ක් වගා කර තිබු ගොවීන් 490,515කට බෙදාහැර ඇති සමස්ත යූරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 29,740.73ක් බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.එමෙන්ම ඉදිරි මහ කන්නය සඳහා ආනයනික පොහොර වලට අමතරව කොමාෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම මඟින් නිපදවන දෙශීය පොහොර වර්ග ද භාවිතය මඟින් මෙරට වී ගොවිතැන ඇතුළු සමස්ත කෘෂිකර්මාන්තය සඳහා අව්ශ්ය සම්පූර්ණ පොහොර ප්‍රමාණය සකසා ගත හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.