සමන්තා පවර් අනුමත කළ ඩොලර් මිලියන හතලිහෙන් නිසි ඵල ගත හැකි වේද?

ශ්‍රී ලාංකේය ගොවීන්ට අවශ්‍ය පොහොර සහ අනෙකුත් කෘෂිකාර්මික යෙදවුම් මිලදී ගැනීම පිණිස අතිරේක ඩොලර් මිලියන 40 ක සංවර්ධන ආධාරයක් ලබා දීමට තීරණය කළ බව ඇමෙරිකානු නියෝජිතායතනයේ පරිපාලන නිලධාරි සමන්තා පවර් මහත්මිය නිවේදනය කොට ඇත. මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත සමන්තා පවර් මහත්මිය මෙම ආධාරයට අනුමැතිය දුන් බව ප්‍රකාශයට පත් කළාය.ඒසේම ඇතැම් ගොවීන්ගේ වෘත්තීය ස්ථාවරත්වය උදෙසා මුදල්මය ආධාර ද ලබාදිමට නියමිතය.කොන්ග්‍රස් අනුමැතියට යටත්ව, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) මෙම මුදල් ගොවීන්ට පොහොර සහ අනෙකුත් වැදගත් කෘෂිකාර්මික යෙදවුම් ලබා දීමට ආයෝජනය කරනු ඇත.එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය හරහා ක්‍රියාත්මක කෙරෙන මෙම මූල්‍යමය සහය එළඹෙන “මහ” වගා කන්නයේ උපරිම ප්‍රයෝජනය සඳහා යොදා ගැනීමට නියමිත මුත් මේ වන විට බරපතල ලෙස බිඳ වැටී ඇති ශ්‍රී කෘෂිකර්මය නඟා සිටුවීම පිණිස සාධනීය වැඩ සටහන් දාමයකට මුල පුරා සිටින කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා වෙත දේශපාලන පාර්ශව කිහිපයකින් දැඩි පීඩාවක් එල්ල වෙමින් පවතින බව ඔහුට සමීපතම ආරංචි මාර්ග පවසයි.ඒ හැරුණු කොට දැනට සැලසුම් කොට ඇති වැඩ සටහන් නිසි පරිදි ක්‍රියාත්මක වුවහොත් ලබන වසර මුල ඇතිවීමට නියමිත ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අවදානම මුලුමනින්ම දුරු වනු ඇතැයි ද එම ආරංචි මාර්ග තහවුරු කරයි.

කාලීන පුවත්