පිරිවෙන් වල උගන්වන්නේ දවල්ටත් ලයිට් දාගෙන නිසා දැන් ඉගැන්වීම් නතර කරන්න වෙලා

දිවයින පුරා පිරිවෙන් වල අධ්‍යයන කටයුතු සිදුකරන ශාලා තුළ සෑම දිනකම පෙරවරුවේ සිට පස්වරු දක්වා විදුලි බුබුළු දල්වා තැබීමට සිදු වන බවත් දැන් පෙරට වඩා අධික මිලක් ඒ සඳහා ගෙවීමට සිදුවන බවත් විදුලිය භාවිතා කිරීම සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටළුකාරී තත්ත්වය මත රට පුරා පිහිටි සියලු පිරිවෙන්වල ඉගැන්වීම් කටයුතු නතර කර දැමීමට සිදුව ඇති බවත් වල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මලේගොඩ නන්ද හිමියෝ පැවසූහ.දේශපාලනඥයන්ගේ අර්බුද හා විවිධ කරුණු කාරණා මත විදුලිබල මණ්ඩලයට සිදුව ඇති පාඩුවට වෙහෙර විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථාන පලි නොමැති බව ද උන්වහන්සේ කියා සිටියහ.හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනපතිවරණ ප්‍රචාරක කටයුත්තක දී ඔහුට ආශිර්වාද කළ නන්ද හිමියෝ රාජ්‍ය නායකයෙකු තුළ නිරතුරුවම ඉවසීම තිබිය යුතු අතර නිතර පොත පත කියවමින් බුද්ධිමත්ව කටයුතු කරන ගෝඨාභය රාජපක්ෂ මහතා සොක්‍රටීස් පඬිතුමා වැනි අයෙකු බව ද පැවසූහ.

කාලීන පුවත්