“පාස්කු ප්‍රහාරය ගැන ජනපතිට එරෙහිව නඩුව පවත්වාගෙන යන්න බැහැ” අග විනිසුරු

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එම නඩු කටයුතු පවත්වාගෙන යා නොහැකි බව ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනු ලැබීය..අග විනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, එල්. ටී. බී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දී ඇත.තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සඳහන් කර සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(1) වගන්තිය යටතේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මුක්තියක් හිමිවන බවකි. එම වගන්තිය ප්‍රකාරව වර්තමානයේ ජනාධිපති ධුරය දරන තැනැත්තෙකුට එරෙහිව නඩු කටයුතු පවත්වාගෙන යා නොහැකි බව සඳහන් කොට ඇතැයි ද අගවිනිසුරු වරයා විසින් පෙන්වා දෙන ලදී. රාජ්‍ය නායකයෙකුට තම නිල කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා එම වගන්තිය හඳුන්වා තිබෙන බවත් නඩු තීන්දුවේ සඳහන් ව ඇත.ඉන් අනතුරුව එම පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය සැප්තැම්බර් මස 29 වනදා තෙක් කල් තබන ලදී.

කාලීන පුවත්