බස්නාහිර පළාත ට තවත් කරදරයක්

බස්නාහිර පළාත තුළ වනසතුන් නිවෙස් කරා ඇදී ඒමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

අනෙකුත් පළාත්වලට සාපේක්ෂව බස්නාහිර පළාත තුළ නාගරීකරණය ඉහළ යාම හේතුවෙන් සත්ත්ව වාසස්ථාන අහිමි වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ හේතුවෙන් වනසතුන් නිවාස කරා ඇදී ඒම පළාත තුළ ඉහළ ගොස් තිබේ. එම සතුන් විවිධ අනතුරුවලට ලක්වීමත් සමග ඔවුන්ගේ ජීවිත තර්ජන ද ඉහළ ගොස් තිබේ.

වඳුරන්, උගුඩුවන්, කලවැද්දන්, නරියන් වැනි සතුන් නාගරීකරණ ප්‍රදේශ වෙත ඇදී එම ඉහළ ගොස් ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

කාලීන පුවත්