මහ කන්නයේ වී අස්වැන්න පහළ බසී

2021 මහ කන්නයට පෙර මෙරට හෙක්ටයාර් එකකින් ලද වී අස්වනු ප‍්‍රමාණය මෙට්‍රික් ටොන් 4 යි දශම එකේ සිට 4 යි දශම 5 දක්වා ඉහළ මට්ටමක පැවති මුත් මෙවර මහ කන්නයේදී හෙක්ටයාර් එකකට ලැබුණු වී අස්වැන්න මෙට්‍රික් ටොන් 3 යි දශම එකක් දක්වා පහත වැටී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 2021 මහ කන්නයේදී රසායනික පොහොර තහනම් කිරීමට ගත් තීරණයත් සමඟ හෙක්ටයාර් එකකින් ලැබූ වී අස්වැන්න මෙට්‍රික් ටොන් 2 යි දශම එක දක්වා පහත වැටුණු අතර මෙවර මහ කන්නයේ අස්වැන්න මෙම මට්ටමට හෝ ඉහළ නැඟීමට ප‍්‍රධාන හේතුව සියලූම රසායනික පොහොර වර්ග යම් ප්‍රමාණයකට හෝ ගොවීන්ට ලබා දීම බව කෘෂිකර්ම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ විද්‍යාත්මක නොවූ උපදෙස් අනුව යමින් රසායනික පොහොර තහනම් කිරීමට ගත් තීරණය පුන පුනා අනුමත කරමින් කියා සිටියේ රසායනික පොහොර තහනම මුල් කොට මෙරට වී අස්වැන්නට තීරණාත්මක බලපෑමක් නොවන බවය.

කාලීන පුවත්