“චීනය ලංකාවෙන් රිලවුන් ඉල්ලා නැහැ”-චීන තානාපති කාර්යාලය

රිලවුන් ලක්ෂයක් ශ්‍රී ලංකාවෙන් ආනයනය කිරීම සඳහා අයැදුම්පතක් කිසිදු පාර්ශ්වයකින් අයැදුම්පතක් යොමු කොට නොමැති බව චීන ජාතික වන සත්ව සහ තෘණ බිම් පරිපාලන ඒකකය සහතික කොට ඇතැයි චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඒ අතර ශ්‍රී ලංකාවෙන් රිලවුන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා කළ ඉල්ලීමක් පිළිබඳ කිසිදු දැනුවත්භාවයක් පවා නොමැති බව ද චීන ජාතික වන සත්ව සහ තෘණ බිම් පරිපාලන ඒකකය ප්‍රකාශ කළ බව චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.චීනයට වන සතුන්, ශාක අපනයනය කිරීමේ දී මෙන්ම චීනයෙන් වන සතුන්, ශාක අපනයනය අධීක්ෂණ සහ කළමනාකරණ කටයුතු පිළිබඳ වගකීම පැවැරෙන ආයතනය වන්නේ චීන ජාතික වන සත්ව සහ තෘණ බිම් පරිපාලන ඒකකය වන අතර. එම ඒකකයේ අවසරයකින් තොරව වන සතුන් හෝ ශාක චීනයට අපනයනය චීනයෙන් ට අපනයනය කළ නොහැක.චීනයේ පුද්ගලික සමාගමකට වඳවීමේ තර්ජනයට ලක් වී ඇති රිලව් ලක්ෂයක් පර්යේෂණ සඳහා ශ්‍රී ලංකාව අපනයනය කිරීමට සුදානම් වන බවට දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍ය වල පළවූ වැරදි වාර්තා මෙන්ම කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිදු කළ පැහැදිලි කිරීම පිළිබඳවද චීන තානාපති කාර්යාලයේ අවධානය යොමු වීම හේතුවෙන් බෙයිජිං හි පිහිටි චීන ජාතික වන සත්ව සහ තෘණ බිම් පරිපාලන ඒකකයෙන් චීන තානාපති කාර්යාලය මෙම විමසීම සිදුකර ඇත.

කාලීන පුවත්