රිලවුන් විතරක් නොවෙයි දඬුලේනුන්, ඉත්තෑවන්, මොනරුන්, වල් ඌරන් පවා රට පටවනවා

රිළවුන් පමණක් නොව වගා හානි සිදු කරන දඬුලේනුන්, ඉත්තෑවන්, මොනරුන්, වල් ඌරන් ආදි සතුන් පිළිබඳවද විදේශ රටවලින් ඉල්ලුම පවතින්නේ නම් එම සතුන් අපනයනය කෙරෙහි අවධානය යොමු කරන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි. මෙරට ප්‍රධාන අපනයන භෝගයක් වන පොල් වගාවට වැඩිම හානිය සිදු කරනුයේ රිළවුන්, වඳුරන් හා දඬුලේනුන් බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය නිකුත් කළ වාර්තාවක සඳහන් බව ද ඇමති වරයා කියයි.නමුත් චීනය විසින් මෙරටින් රිලවුන් ඉල්ලා නොමැති බවට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයට ද ඇමති වරයා මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත.

කාලීන පුවත්