වෙසක් එකට ගෙදර ගිය අයට යළි කොළඹ එන්න ගමනාගමන පහසුකම්

වෙසක් නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා ප්‍රමාණවත් පරිදි බස් රථ යොදවන්නැයි, ප්‍රාදේශිය කාර්යාල සහ ඩිපෝ කාර්යාල සඳහා උපදෙස් දුන් බව, ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

මේ අතර අද (07) දිනයේදිත් සාමාන්‍ය පරිදි පෞද්ගලික බස් රථ ධාවනයට යොදවා ඇතැයි, ලංකා ‍පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහාතා සඳහන් කළේ ය.

මේ අතර දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ ඉඳිපොලගේ මහතා සඳහන් කළේ, වෙසක් නිවාඩුව වෙනුවෙන් අනුරාධපුරය දක්වා ‍සහ බදුල්ල දක්වා විශේෂ දුම්රිය දෙකක් යොදවා ඇති බවයි.

කාලීන පුවත්