රජ පවුලේ කුමාරයෙකු ගේ පෙම්වතියක් සමඟ යාළු වීමට පැමිණි බව කියමින් රගර් ක්රීඩක වසීම් තාජුඩීන් මරා දැමුවේ ඔහුගේ මෝටර් රථය ඇතුලේ අමු අමුවේ ගිනි තබා බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.නමුත් 2019 නව ආණ්ඩුව පැමිණීමත් සමඟ අදාළ නඩුවට සිදු වූ දෙයක් හොයාගන්නත් නැති වූ බවත් කොළඹ අධිකරණ සංකීර්ණයේ ආරක්ෂිත තිබූ තජුඩීන්ගේ ඇට කටු ද අතුරුදහන් කළ බවත් ඔහු කීය.හිටපු ජනපති වරයා මේ බව කියා සිටියේ පොළොන්නරුවේ දී පැවති ජන හමුවක් අමතමිනි.