සරම්ප අතිරේක මාත්‍රාවක් ලබා දීම සඳහා අද (06) සිට දිස්ත්‍රික්ක 04 විශේෂ වැඩසටහනක් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, ලෝක සෞඛ්‍ය සංවිධානය අතිරේක සරම්ප මාත්‍රාවක් ලබා දීම අනුමත කර ඇති බවයි.
මෙම වැඩසටහන අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කරන බව විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කර තිබේ.
මේ අතර, ලබන සඳුදා සිට දිවයින පුරා සතියක ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කරන බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නිජිත් සුමනසේන මහතා අවධාරණය කර ඇත.