අගමැති ගෙන් චීනයට පැසසුම්

මෙරට ආර්ථික පුනර්ජීවනයට චීනයෙන් අඛණ්ඩ සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසාදය පළ කර තිබේ.ඒ, මෙරට චීන තානාපති වී. ෂෙන්හොන් අරලියගහ මන්දිරයේදී හමු වූ අවස්ථාවේදියි.කොරෝනා වසංගතය පාලනය කිරීමට එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් ද චීන රජයට ප්‍රණාමය හිමි වන බව, අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත.මෙරට චීන තානාපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙලේ සාර්ථකත්වයට සුබ පැතුම් එක් කරන බවකි.

කාලීන පුවත්