ජනපති රනිල්ට නැවත අවස්ථාවක් දිය යුතුයි

බිඳ වැටුණු ආර්ථිකය ගොඩනඟා රට ස්ථාවර කිරීම පිණිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් ලබාදිය යුතු බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.මේ වන විට රට මුහුණදී තිබෙන ආර්ථික අර්බුදය විසඳීමට සුදුසුම පුද්ගලයා වත්මන් ජනාධිපතිවරයා බව තම පුද්ගලික විශ්වාසය බව ද අමාත්‍යවරයා කීය.මේ මොහොතේ රට පවතින්නේ විවිධ අත්හදා බැලීම් සිදුකිරීමට සුදුසු තත්වයක නොවන බවත්. එවැනි අත්හදා බැලීම් සිදුකිරීමට යෑමෙන් සිදුවන්නේ රට තව තවත් අගාධයට ඇද වැටීම පමණක් බවත් ඇමතිවරයා පැවසීය.අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව අවධාරණය කළේ මිනුවන්ගොඩ හා ගම්පහ පලාත් පාලන නියෝජිතයන් සමඟ උඩුගම්පල පැවැති සාකච්ඡාවකදී ය.

කාලීන පුවත්