උද්ධමනය ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

රජය විසින් හඳුන්වා දෙන ලැබූ එකතු කළ අගය මත බදු පැනවීම සහ අයහපත් කාලගුණය හේතුවෙන් ජනවාරි මාසයේ උද්ධමනය 7%ක පමණ අගයක් දක්වා ඉහළ යා හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

අද (23) මහ බැංකුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

“ඉදිරියේ දී අපේ උද්ධමන ඉලක්කය 5%ක්. එය 4% – 6%ක් වගේ සාමාන්‍ය අගයක් පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ වෙලාවේ වෙළෙඳ පොළ පොලිය අනුපාතවලට යම්කිසි ආකාරයකට හැඩ ගැසෙන්න අවස්ථාව දීලා තියෙනවා. අපේ පොලිය අනුපාතය ස්ථාවරව පවත්වා ගත්තේ. ඉදිරියේදී අපි නැවත සලකා බලනවා. එතෙක් අපි ප්‍රතිපත්ති පොලී අනුපාතය නොවෙනස්ව පවත්වා ගන්නවා.”

කාලීන පුවත්