ජාජබ නායකයෝ නව ඉන්දීය මහ කොමසාරිස් හමුවෙති

ජාතික ජන බලවේග නායකයෝ ඊයේ (23) පස්වරුවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නව ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවූහ.නව ඉන්දියානු මහ කොමසාරිස් වරයා පසුගිය දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මෙලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක හමු වූයේ පලමු වරට ය.මෙහිදී ලංකාවේ වත්මන් දේශපාලන තත්වය පිළිබඳවත් ආර්ථික අර්බුදය පිළිබඳවත් ජාතික ජන බලවේගයේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳවත් අදහස් හුවමාමරු කරගෙන ඇත.මෙම හමුව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් සහභාගි වී තිබේ.

කාලීන පුවත්