නිදහස් දින සැමරුමේ රථවාහන සැලසුම එළි දකී

ජාතික නිදහස් දින සැමරුමේ රථවාහන සැලසුම එළි දකී 2024 පෙබරවාරි 04 ඉරිදා සමරනු ලබන ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් රථවාහන සැලසුම පොලිසිය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.ඒ අනුව ගාලු පාර කොල්ලුපිටිය හන්දියේ සිට ගාලු මුවදොර දක්වා සහ සෙරමික් හන්දියේ සිට ගාලු මුවදොර දක්වා වාහන ගමනාගමනය තාවකාලිකව නතර කරන බව සඳහන් වේ.ජනවාරි 30 සිට පෙබරවාරි 02 දක්වා පෙරවරු 6.00 සිට 8.30 දක්වා සහ පෙරවරු 11.00 සිට දහවල් 12.30 දක්වා මෙම මාර්ග වසා දැමෙනු ඇත.පෙබරවාරි 03 වැනිදා පස්වරු 2.00 සිට පෙබරවාරි 04 වැනිදා නිදහස් දින උත්සවය අවසන් වනතුරු මෙය ක්‍රියාත්මක බව එම සැලසුමේ දක්වා ඇත.

කාලීන පුවත්