අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න විසින් අයථා ලෙස පරිහරණය කළ රාජ්‍ය දේපල සම්බන්ධව රටේ පිළිගත් නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය උඩ පලාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මිය පෙරේදා (26) දිනයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අභ්‍යන්තර පාලන අංශය වෙත ස්ථාන මාරු කර තිබේ.රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සහ මහනුවර දිසාපති චන්දන තෙන්නකෝන් මහතා විසින් උඩ පලාත ප්‍රාදේශීය ලේකම්වරිය වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර තිබේ.මෙම අභ්‍යන්තර පාලන අංශය යනු කිසිදු රාජකාරීමය වගකීමක් නොමැති ස්ථානයක් වන අතර මෙය සාමාන්‍ය ජන වහරේ හැඳින්වෙනුයේ”පූල් එක”යනුවෙනි.