අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ඇතිවූ දණහිසේ ආබාධයක් හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සදහා අද (11) කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇතැයි බන්ධනාගාර මූලස්ථානය පවසයි.ඒ අනුව, කොළඹ ජාතික රෝහලේ විකලාංග වෛද්‍ය සායනයට ඉදිරිපත් කළ ඒ රාමනායක මහතා, වෛද්‍ය ප්රතිකාරවලින් පසු නැවත කොළඹ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ගිය බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.
එම වෛද්‍ය සානයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වැනිදා නැවතත් රන්ජන් රාමනායක මහතා ඉදිරිපත් කරන ලෙසට එහි වෛද්‍යවරුන් නියම කර ඇති බැවි ඔහු එතෙක් කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.