කීර්තිමත් ශ්‍රී ලාංකේය සාගර විද්‍යාඥ ආචාර්ය කේ. අරුලානන්දන් නාරා අධ්‍යක්ෂ ජනරාල් පදවියට

ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ (නාරා) නව අධ්‍යක්ෂ ජනරාල් ධූරයට කීර්තිමත් ශ්‍රී ලාංකේය සාගර විද්‍යාඥ ආචාර්ය කේ. අරුලානන්දන් මහතා පත්ව තිබේ. ඔහු 1992 සිට නාරා ආයතනයේ පර්යේෂණ නිලධාරියකු ලෙස සේවය කරන අතරේ ජාතික සාගර විද්‍යා සහ සමුද්‍ර විද්‍යා ආයතනයේ (NIOMS) ප්‍රධාන විද්‍යාඥයා සහ අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් තම ක්ෂේත්‍රයේ ආදර්ශමත් නායකත්වයක් සහ ප්‍රවීණත්වයක් පෙන්නුම් කර ඇත.ශ්‍රී ලංකාවේ පේදුරු තුඩුවේ උපන් ඒ මහතා 1988 දී ඉන්දියාවේ මයිසූර් විශ්ව විද්‍යාලයෙන් භූ විද්‍යාව පිළිබඳ ගෞරව සාමාර්ථ සහිත උපාධියක් ලබා ගනිමින් සිය උසස් අධ්‍යාපන කටයුතු ආරම්භ කළේය. මෙම පදනම මත ඔහු සිය ප්‍රථම විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ඉන්දියාවේ මංගලෝර් විශ්ව විද්‍යාලයෙන් 1990 දී උපාධිය ලබා ගත්තේය. 1994 දී ස්වීඩනයේ ගොතෙම්බර්හ් විශ්වවිද්‍යාලයෙන් භෞතික සාගර විද්‍යාව පිළිබඳ විද්‍යාව පිළිබඳ දෙවන ශාස්ත්‍රපති උපාධිය හැදෑරූ ආචාර්ය අරුලානන්දන් මහතා අභියෝග හමුවේ නොසැලී එම ආයතනයෙන්ම 2003 වසරේ භෞතික සාගර විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ද ලබා ගත්තේය.
ආචාර්ය අරුලානන්දන් මහතා සිය විද්‍යාත්මක සහ වෘත්තීය ගමන පුරාවටම වෙරළබඩ සාගර විද්‍යාත්මක ක්‍රියාවලීන්, නිවර්තන කලපු සහ මෝයවල ජල හුවමාරුව, සාගර වායුගෝලීය අන්තර් ක්‍රියා, සාගරයේ තාප අයවැය සහ බලපෑම් පිළිබඳ ඥාන සම්භාරය පුළුල් කිරීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙමින් විවිධ පර්යේෂණ ක්ෂේත්‍රයන්හි ගැඹුරට ගිය ශ්‍රී ලාංකේය සාගර විද්‍යාඥයා ලෙස ද නම් කළ හැක. ජලජ පරිසර පද්ධති මත දේශගුණික විපර්යාස යන ඔහුගේ කාර්යය සාගර විද්‍යාවේ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වයේ පරිමාව කියාපාන අතර, අපගේ සාගර පරිසරය ගවේෂණය කිරීමට සහ ආරක්ෂා කිරීම පිණිස අනාගත විද්‍යාඥයින්ට ඔහුගේ දැනුම සහ ඥාන සම්භාරය බෙහෙවින් ඉවහල් වනු ඇත.තම විෂය ක්ෂේත්‍රයට අමතරව සත්ව හිමිකම් පිළිබඳව විශේෂ උනන්දුවක් පළ කරන ආචාර්ය අරුලානන්දන් මහතා අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් සහ සුබ සාධක සංවිධානයේ විධායක සභිකයෙක් ද වෙයි.

කාලීන පුවත්