ඉදිරි දින කිහිපයේ ලෙබනනයට යන්න එපා කියන්නේ ඇයි?

අත්‍යවශ්‍ය කාරණයක් හැරුණු කොට ඉදිරි දින කිහිපයේ දී ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව විදේශ අමාත්‍ය අලි සබ්රිි මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය උත්සන්න විය හැකි බැවින් මේ ඉල්ලීම සිදු කළ බව දැනගන්නට ලැබී තිබේ. දැනට ලෙබනනය තුළ ශ්‍රී ලාංකිකයන් 5,000 කට අධික සංඛ්‍යාවක් රැකියා කරමින් රැඳී සිටින බව ද පැවසෙයි. ඉන්දියාවෙන් ද මෙවැනි නිවේදනයක් නිකුත් කොට ඇති අතර තවත් රටවල් කිහිපයක්ම මේ පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

සාපේක්ෂව මෑත කාලයේ අවදානම් තත්ත්වයක් නො පැවති මැදපෙරදිග කලාපයේ එකවරම අවදානමක් පැන නැගී තිබේ. මෙයට ආසන්නතම හේතුව වශයෙන් සැලකිය හැක්කේ හමාස් සංවිධානයේ නායන ඉස්මායිල් හනියේ ඝාතන සිදුවීමය. ඉරානයේ අභිනව ජනපති මවුසුඩ් පෙසෙෂ්කියාන්ගේ දිවුරුම් දීමේ උත්සවයට සභභාගී වන්නට ඉරානයට පැමිණ සිටි අවස්ථාවේ දී පසුගිය ජූලි 31 වැනිදා හනියේ රැඳී සිටි හෝටල් කාමරයට එල්ල වූ රොකට් ප්‍රහාරයක් නිසා ඝාතනය විය. මේ අවස්ථාවේ දී ඔහුගේ ආරක්ෂකයා ද මරණයට පත් විය. මේ ඝාතනය සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු වන්නේ ඊශ්‍රායලය දෙසටය.

සාපේක්ෂව මෑත කාලයේ අවදානම් තත්ත්වයක් නො පැවති මැදපෙරදිග කලාපයේ එකවරම අවදානමක් පැන නැගී තිබේ. මෙයට ආසන්නතම හේතුව වශයෙන් සැලකිය හැක්කේ හමාස් සංවිධානයේ නායන ඉස්මායිල් හනියේ ඝාතන සිදුවීමය. ඉරානයේ අභිනව ජනපති මවුසුඩ් පෙසෙෂ්කියාන්ගේ දිවුරුම් දීමේ උත්සවයට සභභාගී වන්නට ඉරානයට පැමිණ සිටි අවස්ථාවේ දී පසුගිය ජූලි 31 වැනිදා හනියේ රැඳී සිටි හෝටල් කාමරයට එල්ල වූ රොකට් ප්‍රහාරයක් නිසා ඝාතනය විය. මේ අවස්ථාවේ දී ඔහුගේ ආරක්ෂකයා ද මරණයට පත් විය. මේ ඝාතනය සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු වන්නේ ඊශ්‍රායලය දෙසටය. මන්ද පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී හමාස් සංවිධානය විසින් හදිසියේ එල්ල කරන ලද ප්‍රහාරයකින් ඊශ්‍රායල වැසියන් සෑහෙන සංඛ්‍යාවක් මරණයට පත් වීමත්, ඒ නිසාම ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානය රැඳී සිටින ගාසා කලාපයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන්නට පටන් ගැනීමත් නිසාය. ඊශ්‍රායලය දිගින් දිගටම පවසා සිටියේ හමාස් නායකයන් සියල්ලම ඇතුළුව එකී සංවිධානය ද විනාශ කර දමන තුරු මේ සටන නොනවත්වන බවය. කෙසේ වෙතත්, ඉස්මායිල් හනියේගේ ඝාතනය සම්බන්ධයෙන් එල්ලවන චෝදනාව ඊශ්‍රායලය විසින් ප්‍රතික්ෂේප කොට තිබේ. හමාස් සංවිධානයට යුදමය වශයෙන් ආධාර සපයන්නේ හිස්බුල්ලා සංවිධානය වන අතර මේ සංවිධාන දෙකෙහිම ප්‍රධාන අනුග්‍රාහකයා වන්නේ ඉරානයයි. හමාස් නායකයා ඉරාන ජනපතිගේ දිවුරුම් දීමේ උත්සවයට පැමිණෙන්නේ මේ නිසාය. එමෙන්ම හිස්බුල්ලා සංවිධානයේ මූලස්ථානය සහ පුහුණු කඳවුරු පවතින්නේ ලෙබනනයේය. ගාසා තීරයේ වූ සිය මධ්‍යස්ථාන බොහොමයක් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ විනාශයට පත්ව ඇති හෙයින් හමාස් සංවිධානය ද හිස්බුල්ලා සංවිධානයේ අනුග්‍රහය ඇතිව ලෙබනනය තුළ රැඳී සිටිමින් සිය කටයුතු පවත්වාගෙන යයි.

හමාස් නායක ඉස්මායිල් හනියේ

ඉස්මායිල් හනියේගේ ඝාතනය ඊශ්‍රායලය විසින් කරන ලද්දක් යැයි ඔවුන් පිළිගෙන නැතත් හමාස් සංවිධානය එම චෝදනාව එල්ල කරමින් පවසා සිටින්නේ මේ සඳහා දැවැන්ත වන්දියක් ගෙවන්නට ඊශ්‍රායලයට සිදුවන බවය. යම් හෙයකින් ඊශ්‍රායලයට එරෙහිව යම් ප්‍රහාරයක් දියත් වුවහොත්, එය සිදුවනු ඇත්තේ ලෙබනන් භූමියේ සිටය. හමාස් සංවිධානය මෙයට මූලිකත්වය ගත්ත ද හිස්බුල්ලා සංවිධානය එයට සහයෝගය පළකරන අතර සියලු යුද ආධාර ඉරානය මගින් සැපයීම ද අඛණ්ඩව සිදුවනු ඇත. හමාස් නායකයාගේ මරණය සම්බන්ධයෙන් තමා වගකීම භාර නොගත්ත ද ඒ වෙනුවෙන් ප්‍රහාරයකට මුහුණ දෙන්නට සිදුවනු ඇති බව ඊශ්‍රායලය අවබෝධ කරගෙන සිටියි. මේ නිසාම ඊශ්‍රායලට මායිම් වී ඇති ලෙබනන් ප්‍රදේශවල ඊශ්‍රායලය දැනටමත් ආරක්ෂක තත්ත්වය වර්ධනය කර ගනිමින් සිටන බව වාර්තා වී තිබේ. ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමයට ද මෙයින් දැඩි බලපෑමක් එල්ලවීම කිසිසේත්ම වළක්වා ගත නොහැකිය. ගාසා තීරය තුළ කරන ලද ආරක්ෂක මෙහෙයුම් මගින් සැලකිය යුතු ප්‍රගතියක් ඊශ්‍රායලය විසින් අත්පත් කරගෙන සිටිය ද එයට ස්ථිරසාර විසඳුමක් ලැබෙන්නේ තම රටට අයත් ප්‍රාණ ඇපකරුවන් හමාස් සංවිධානය විසින් නිදහස් කිරීමෙන් පමණක් බව ඊශ්‍රායලය පවසයි. ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් වගකීම පැවරී තිබුණේ හනියේටය. නමුත් කිසිදු ප්‍රාණ ඇපකරුවකු නිදහස් කරන්නට හනියේ කටයුතු කළේ නැත. මෙයට පළිගැනීමක් වශයෙන් ඊශ්‍රායලය විසින් හනියේව ඝාතනය කරන්නට ඇතැයි සැක කෙරේ.

හමාස් නායකයා ඝතානය වන්නට දිනකට පෙර ඉරාන ජනපති සමග හමුව

හමාස් සංවිධානය වෙනුවෙන් ලෙබනනය පමණක් නොව ඊජිප්තුව සහ කටාරය ද සැලකිය යුතු මට්ටමින් හඬක් නගමින් සිටියි. හමාස් සංවිධානය විසින් යම් ප්‍රහාරයකට මුල පිරුවහොත් ඊශ්‍රායලය විසින් ප්‍රධාන වශයෙන්ම ලෙබනනයටත්, ඊජිප්තුවට සහ කටාරයටත් ප්‍රහාර එල්ල කරනු ඇත. එය ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර අර්බුදයක් වන්නට මෙය හේතු වුවහොත් සමස්ත මැදපෙරදිග කලාපයම යුදමය වටපිටාවකට පරිවර්තනය වීම වළක්වා ගත නොහැකිය.

හමාස් සංවිධානය වෙනුවෙන් ලෙබනනය පමණක් නොව ඊජිප්තුව සහ කටාරය ද සැලකිය යුතු මට්ටමින් හඬක් නගමින් සිටියි. හමාස් සංවිධානය විසින් යම් ප්‍රහාරයකට මුල පිරුවහොත් ඊශ්‍රායලය විසින් ප්‍රධාන වශයෙන්ම ලෙබනනයටත්, ඊජිප්තුවට සහ කටාරයටත් ප්‍රහාර එල්ල කරනු ඇත. එය ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර අර්බුදයක් වන්නට මෙය හේතු වුවහොත් සමස්ත මැදපෙරදිග කලාපයම යුදමය වටපිටාවකට පරිවර්තනය වීම වළක්වා ගත නොහැකිය. එසේ වුවහොත් එය මැදපෙරදිග කලාපයේ ආර්ථික කටයුතු කෙරෙහි දැඩි බලපෑමක් ඇති විය හැකි අතර ඒවායේ අමිහිරි ප්‍රතිඵල ශ්‍රී ලංකාව වශයෙන් අපට ද විඳින්නට සිදුවනු ඇත.

හමාස් නායකයාගේ ඝාතනයට විරෝධය පළකරමින් ලෙබනනය පුරා ඇකි වූ විරෝධතා

ලෙබනනයට සිදු කෙරෙන ගමන් බිමන් හැකිතාක් සීමා කරන්නැයි ඉල්ලා සිටින්නේ මේ වාතාවරණය තුළය. කුමන මොහොතේ කුමනාකාර ප්‍රහාරයකින් මේ ගැටලුව ආරම්භ වේදැයි පැවසිය නොහැකිය. කුමනාකාරයකින් ආරම්භ වුව ද ප්‍රතිඵලය දැවැන්ත මෙන්ම විනාශකාරී දෙයක් වනවා නොඅනුමානය. එවැනි වාතාවරණයක් තුළ ගුවන් ගමන් ආදිය නවතා දමන්නට සිදුවුවහොත් ලෙබනනය ඇතුළුව මැදපෙරදිග කලාපයේ රැඳී සිටින ජනතාව ගෙන්වා ගැනීමේ දුෂ්කරතාවක් ඇති විය හැකිය. එසේ හෙයින් මේ තත්ත්වය සමථයකට පත්වන තුරු ලෙබනනය ඇතුළු තදාසන්න රටවලට වූ ගමන් බිමන් නතර කර දැමීම නුවණට හුරුය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර