යන එන මං නැති මෛත්‍රීපාල සිරිසේන දැන් එල්ලෙන්න කුණු ගොඩක් හොයනවා ඇති

තම පක්ෂයේ හිටපු සභාපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන මහතා අද යන එන මං නැති තත්ත්වයට පත් වී සිටින බවත් මේ වන විට කිසිදු පක්ෂයකින් ඔහු බාරගන්න සූදානම් නොමැති බවත් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කිරීමට කැමැති යැයි පණිවුඩකරුවන් යවා තිබෙන නමුත් ජනාධිපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙන බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.ඔහු මෙම අදහස් පළ කළේ, බෙලිඅත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැතිවරණ කමිටු නියෝජිත හමුවක දී ය.විශ්වාසය තැබිය නොහැකි පුද්ගලයකුගේ සහයෝගය තමන්ට අවශ්‍ය නැති බව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා පවසා තිබෙන බව ද අමරවීර මහතා සඳහන් කරයි.”තමන් පිළිබඳ විශ්වාසය තමන්ම පළුදු කර ගත්තාම උරුම වෙන්නේ මහමඟ තමයි. දැන් කොහේ හරි කුණු ගොඩක් හොයනවා ඇති; ඒකට සම්බන්ධ වෙන්න. නමුත් හිටපු ජනාධිපතිවරයෙක් මේ තරම් පහත් තත්ත්වයකට ඇද වැටීම ගැන අපි කණගාටුවට පත් වෙනවා”යැයි ද අමරවීර මහතා කීය.

කාලීන පුවත්