පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයේ සහ එහි අතු ගංඟාවල ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම තත්ත්වය හේතුවෙන් අත්තනගල්ල, ගම්පහ, ජාඇල, වත්තල වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල, අත්තනගලු ඔය සහ උරුවල් ඔය දෙපස සිටින ජනතාව අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්යක්ෂ ඉංජිනේරු එස්. පී. සී සුගීෂ්වර මහතා සඳහන් කළේය.
මේ අතර කළු ගඟේ අතුගංගාවක් වන කුඩා ගඟේ ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙන් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කළු ගඟේ ජල මට්ටමද සමහර ප්‍රදේශවල ඉහළ යමින් පවතින බව සුගීෂ්වර මහතා සඳහන් කළේය.
එමෙන්ම ගිං ගඟේ ජල මට්ටම බද්දේගම ප්‍රදේශයෙන් අවධානය යොමු කළ යුතු තත්ත්වයක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.