ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 566ක්

ජනාධිපතිවරණයට අදාළව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 566ක් දක්වා ඉහළ ගොස් තිබේ. මැතිවරණ කොමිසම පැවසුවේ පසුගිය ජූලි 31 වැනිදා සිට මේ මස 17 වැනිදා දක්වා කාලය තුළ එම පැමිණිලි ලැබී ඇති බවයි.

පැය 24 ක් තුළ ජනාධිපතිවරණයට අදාලව ලැබී ඇති පැමණිලි ගණන 47 කි. ඉන් පැමිණිලි 39 ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වන බව සඳහන් ය. මේ අතර, ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 16 ක් ලැබී ඇතැයි පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ, මැතිවරණ නීති උල්ලංඝණය කිරිම් හා ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් එම පැමිණීලි ලැබී ඇති බවයි.

කාලීන පුවත්