ජනපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ලබන මාසයේදී

2024 ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා ඡන්ද හිමියන් වෙත බෙදාහැරීම ලබන මාසයේ මුල ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. ඒ. එම්. එල්. රත්නායක පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ තැපැල් ඡන්ද පත්‍රිකා රාජ්‍ය ආයතනවලට ලබාදීම එළඹෙන 26 වනදා ආරම්භ කරන බවයි.

මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ අද (20) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කරයි.

කාලීන පුවත්