වගා හානි සඳහා ගෙවන රක්ෂණ වන්දි මුදල 100,000 ක් කිරීමට එකඟතාවය පළවෙයි

වගා හානියක දී දැනට අක්කරයක් සඳහා රජය විසින්ගෙවන රුපියල්40,000ක වන්දි මුදල රුපියල් ලක්ෂය (100,000) දක්වා වැඩි කිරීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟත්වය පළ වී ඇති බව ඇමැතිවරයා ප්‍රකාශ කරයි. ඒ අනුව වගා හානි සිදුවන හෙක්ටයාර් එකකට රුපියල් 250,000ක වන්දි මුදලක් හිමි වනු ඇත.

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානයේ සාමාජිකයින් පිරිසක් ඊයේ (20) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අමාත්‍යවරයා හමු වී ගොවි ගැටලු පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී එම ගොවි සංවිධානය විසින් අමාත්‍යවරයා වෙත මෙම යෝජනාව ඇතුළු යෝජනා මාලාවක් ද ඉදිරිපත් කරන ලදි.

එම ගොවි සංවිධානයේ ඉල්ලීම ඵල දරමින් ඇමැතිවරයා විසින් මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

කාලීන පුවත්