සජිත්ට ජීවිත තර්ජන ඇති බවක් තහවුරු වී නැහැ

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ජීවිත තර්ජනයක් පවතින බවට පසුගිය වකවානුවේ පැවසුණු තොරතුරු තහවුරු වී නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (08) කැඳවා තිබූ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කොට තිබේ පසුගිය මැතිවරණ සමයේ හිටපු විපක්ෂ නායකවරයාට ජීවිත තර්ජනයක් පවතින බවට තොරතුරක් ලැබී තිබුණ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන ලද විමර්ශනවලදී අදාළ තොරතුර තහවුරු වී නැති බව ඒ මහතා පවසයි.පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පවසනුයේ මේ වන විට සජිත් ප්‍රේමදාසට අතිරේක ආරක්ෂාවක් අවශ්‍ය නොවන බැවින් අදාළ අතිරේක බළ ඇණි ඉවත්කර ඇති නමුත් ඔහුට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදී ඇති බවකි.

කාලීන පුවත්