බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස අද (9) මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් නිකුත් කළේය.ඉස්ලාම් දහමට අපහාස කළ බවට වන චෝදනාවට අදාළ නඩුවකට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඥාණසාර හිමියන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් මෙලෙස වරෙන්තු නිකුත් කෙරිණ.2014 වසරේ කොළඹ දී පැවැත්වු මාධ්‍ය හමවුක දී මෙම අපහාසය කළ බවට ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට චෝදනා එල්ල වී තිබූ අතර කොම්පඤ්ඤවීදිය පොලිසිය පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී අතර මෙම නඩුව ලබන වසරේ මාර්තු 5 වනදා දක්වා කල් තබා ඇත.කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඉස්ලාම් ආගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීමෙන් ආගමික සමගිය කඩකිරීමේ චෝදනා මත බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමිට පසුගිය මාර්තු මස 28 වැනිදා බරපතළ වැඩසහිත වසර 4ක සිරදඬුවම් නියම කරන ලදී.ඒ අනුව වසර 4 ක් සිරගත කළ හිමියන් මාස 4 කින් ඇප මත නිදහස් විය.පසුගිය මාර්තු 28 සිරගත කෙරුණද ඥානසාර හිමි මාර්තු 29 පෙරවරුවේ බන්ධනාගර රෝහල් වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර රෝගී තත්ත්වයන් ඇති බව පවසමින් බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ අතර පසුගිය කාලයේ බන්ධනාගාර රෝහලේ 4 වැනි වාට්ටුවේ රඳවා සිටියේ බරපතල වැඩ ද නොලබමිනි. ඥානසාර හිමියන් රුපියල් 50,000ක මුදල් ඇපයක් මත රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදා හැරී නමුත් නඩුව තවම අවසන් නැති අතර අද පැවති නඩුව මගහැරීම නිසා මෙලෙස වරෙන්තු නිකුත් කරන ලදී.